ප්‍රමුඛ පුවත 1

සජිත්ගේ ඉදිරි ප්‍රචාරන වැඩ පිළිවෙල [AUDIO]

 

(UTV-කොළඹ) – එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක වැඩපිළිවෙල අනිද්දා(10) කොළඹ ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වීමට නියමිතයි.

ගෝල්ෆේස් රැළියෙන් ආරම්භ වන ප්‍රචාරක වැඩසටහන ලංකාව පුරා රැස්වීම් 150 පැවැත්වීමට බලාපොරොත්තු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

කොට්ඨාශ මට්ටමේ මැතිවරණ ප්‍රචාරක රැළි 13 වනදා ආරම්භ වීමට නියමිත බවත් එත් සමඟම බිම් මට්ටමේ වැඩ පිළිවෙලවල් ගණනාවක් සහ ප්‍රාදේශීය මට්ටමින්,ගම් මට්ටමින් රැස්වීම් සහ ප්‍රචාරක රැළි මෙම කෙටි කාලය තුල සංවිධානය කරමින් නියමිතව තිබේ.

එක්සත් ජාතික පෙරමුණ වශයෙන් පෙරමුණේ ඇති සියලුම පක්ෂ සමඟ ඒකාබද්ධව ඔහුන්ගේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

තවත් බොහෝ කණ්ඩායම් එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්වීමට කැමැත්ත පළ කර ඇති අතර ඒ පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වාගෙන යන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ වෛද්‍යවරු රතු එළි දල්වයි

Mohamed Dilsad

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් පළමු කොඩිය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට

Mohamed Dilsad

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලට තද වැසි

Mohamed Dilsad

Leave a Comment