ප්‍රමුඛ පුවත 1

නාමයෝජනා සඳහා විරෝධතා භාර ගැනීම ඇරඹේ [UPDATE]

(UTV |කොළඹ) -ඉදිරි ජනාධිපතිවරණයේ නාමයෝජනා සඳහා විරෝධතා භාරගැනීම මේ වන විට ආරම්භ වී තිබේ.

නාමයෝජනා භාරගැනීම අද (07) පෙරවරු 9.00ට ආරම්භ වූ අතර එය පෙරවරු 11.00 දක්වා සිදුකිරීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප මුදල් තැම්පත් කල අපේක්‍ෂකයින් 41 ගෙනාගෙන් බහුතරයක් නාමයෝජනා භාර දී තිබේ.

සිරිතුංග ජයසූරිය, බත්තරමුල්ලේ සීලරතන හිමි , ජයන්ත කැටගොඩ, ඒ.එස්.පී. ලියනගේ ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී ඇත.

අනුරුද්ධ පොල්ගම්පල, එම්. කේ සිවජලිංගම්, අශෝක වඩිගමන්ගාව, වජිරපානි සිරිවර්ධන ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබේ..

අනුර කුමාර දිසානායක මහතා ජාතික ජනබල වේගය වෙනුවෙන් ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දෙන ලදී.

පියසිරි විජේනායක, එම්. ඒ. එල් හිස්බුල්ලා ස්වාධින අපේක්ෂකයන ලෙස ජනාධිපතිවරණය සඳහා මේ වන විට නාමයෝජනා භාර දී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස , ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂක මහේෂ් සේනානායක මේ වන විට නාමයෝජනා භාරදී අවසන්ය.

මේ වනවිට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 35 ක අපේක්ෂකයන් සිය නාමයෝජනා පත්‍ර භාර දී අවසන්.

මේ වන විට නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

ඒ අනුව පෙරවරු 11.30 දක්වා  ඒ සඳහා කාලය ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව විගණන පනත ගැන දැනුවත් කිරීමක් .

Mohamed Dilsad

වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment