ප්‍රමුඛ පුවත 1

දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමේ ගැසට් නිවේදනය අද එයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අද දින ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි.

ඒ අනුව ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති බවත් ඒ සඳහා ජනාධිපතිවරයා අද පෙරවරුවේ අත්සන් තබනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටී.

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද අට වන දිනටත් ක්‍රියාත්මක කෙරේ.

Related posts

ස්විස් තානපති නිලධාරිනිය පැහැර ගැනීම ගැන අසත්‍ය ප්‍රචාරයෙන් වළකින්න [VIDEO]

Mohamed Dilsad

ගංවතුර ආපදා ගැන විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ලෝක ගුවන් විදුලි දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment