ප්‍රමුඛ පුවත 1

ගිනි අවියක් ක්‍රියාත්මක වී දරුවෙක් මරුට

(UTV|මඩකලපුව) – කරදියනාරු ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු වෙඩි වැදීම හේතුවෙන් මියගොස් තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු සමඟ දඩයමේ ගිය 13 හැවිරිදි දරුවෙකු මෙලෙස ගිනි අවිය ක්‍රියාත්මක වී මිය ගොස් ඇත.

දඩයම් කිරීම සඳහා රැගෙන ගිය ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම දරුවා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඔහු කරදියනාරු – කිතුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දරුවා සමඟ දඩයමේ ගිය අනෙක් පුද්ගලයින් තිදෙනා පොලිස් භාරයට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බඹර ප්‍රහාරයකින් 7 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

දේශපාලන කටයුතුවලට ළමයි යොදා ගැනීමෙන් වළකින්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Mohamed Dilsad

මුහුදුයාමේදී සැළකිලිමත් වන්න

Mohamed Dilsad

Leave a Comment