ප්‍රමුඛ පුවත 1

මුහුදුයාමේදී සැළකිලිමත් වන්න

(UTV| කොළඹ) – දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට,විශේෂයෙන් කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බටහිර සිට නිරිත දක්වා වු දිශා වලින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

මන්නාරම සිට පුත්තලම, කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. 60-70දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රළුහෝ ඉතා රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෙලේ සුදාගේ අභියාචනය අද ප්‍රතික්ෂේප කරයි…..

Mohamed Dilsad

චම්පික රණවක ගැන සිංහලේ ජාතික සංවිධානය කතා කරයි [VIDEO]

Mohamed Dilsad

ඌව සහ නැගෙනහිර පළාත් වලට වැසි

Mohamed Dilsad

Leave a Comment