ප්‍රමුඛ පුවත 1

දැරිය, මව පැහැරගෙන යාමට උත්සහ කෙරු සැකකරුවන් අත්අඩංගුවට

දැරිය සහ මව පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීම සැකකරුවන්ගේ සැලසුම් කර තිබු අතර දොඩංගොඩ පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට වසර 02 කට පෙර පැවැත්වූ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයකදී මෙම දැරිය සහතික පත් සහ ත්‍යාග විශාල ප‍්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ඇතිවූ වෛරයක ප‍්‍රතිපලයක් මත මෙම පැහැර ගැනීම සැලසුම් කර ඇති බවයි පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේදී හෙළිව ඇත්තේ.

සැකකරුවන් සතුව තිබී පොලිස් නිල ඇඳුම් කොටස්, වායු රයිෆලයක්, වෙඩි බෙහෙත්, කඩුවක් සහ මන්නා පිහියක් ද සොයා ගෙන තිබේ.

සැකකරුවන් කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.

මුලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 09 ක් වන අදාළ දැරිය නාගොඩ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 04 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි.

ඇගේ පියා කලූතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේ වන විට විදෙස්ගතව සිටින බව වාර්තා වෙයි.

Related posts

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

උඩවලව රක්ෂිතයේදි වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

Leave a Comment