ප්‍රමුඛ පුවත 1

මෙරට පළමු චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු වරට මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් නිර්මාණය කළ ‘රාවණ  වන් ’ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

ඒ අද අලූයම 2.16 ට පමණය.

ඇමරිකාවේ , වර්ජනියා ප්‍රාන්තයේ සිට නාසා ආයතනයට අයත්, අන්තරෙස්230 (Antares 230)රොකට්ටුව ආධාරයෙන් එය පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවේ සිග්නස් අභ්‍යවකාශ යානය මගින් බව නසා ආයතනය පවසයි.

මෙය ජපානයේ කි්‍යුෂු සරසවියේ බර්ඞ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූවකි.

මෙම ‘රාවණ වන්’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1 . 1 ක බරකින් යුතුවේ.

ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතාගේ යෝජනාවකට අනුව මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණු අතර ඊට රාවණ – වන් ’’ ලෙසද ඔහු විසින් නම් තබන ලදී.

මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සදහා ආතර් සී.ක්ලාක් මධස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න, සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක් වන දුලානි චාමිකා දායකත්වය ලබා දී තිබේ.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමෙන් පසුව ලබන මැයි මස අවසානයේ හෝ ජුනි මස මුලදි මෙම චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන්  අනතුරුව දිනකට වට 15කට ආසන්න කාලයක් පෘථිවිය වටා භ්‍රමණය වනඅතර  එහි වේගය තත්පරයට කිලෝමිටර් 7.6ක් වේ.

ශ්‍රි ලංකාවේ සහ ආසන්න කලාපයේ ජායාරූප ගැනිම ඇතුළු කරුණු 5ක් මෙම රාවණ වන් චන්ද්‍රිකාව මඟින් සිදුකර ගැනීමට සැළසුම් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කළුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.

Mohamed Dilsad

රඹෑව ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

Mohamed Dilsad

සයිටම් විරෝධතා රැලියක් අද නුගේගොඩදී

Mohamed Dilsad

Leave a Comment