විදෙස්

සිරියානු හමුදා කඳවුරු වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාර

(උදයම්,සිරියාව)  – ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරු ඉලක්ක කරමින් ගුවනින් පහර දී තිබේ.ඒ සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙනි.

සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකානු යුද නැව්වල සිට ටොම්හෝක් වර්ගයේ කෘෘස් මිසයිල 50-60 ක් පමණ එල්ල කෙරිණි.රසායනික අවි ප්‍රහාරයට යොදාගත් බව කියන ගුවන් යානා කිහිපයක් එම කඳවුරේ තිබි ඇත.මෙය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග පිරිදි සිදු කර තිබේ.

“රසායනික අවි ප්‍රහාරය එල්ල කරන ලද ගුවන් හමුදා කඳවුරට පහර දෙන ලෙස මම අද නියෝග කළා. ඔවුන් තහනම් කර ඇති රසායනික අවි භාවිත කළ බවට කිසිදු සැකයක් නැහැ.සිරියාව රසායනික අවි සම්මුතියත් කඩ කරලා තියෙනවා.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අනතුරු ඇඟවීම්  නොසලකා හැරලා තියෙනවා.සිරියා ජනපති අසාද්ගේ හැසිරීම වෙනස් කිරීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ වුණා“ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකානු මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

ඇමෙරිකා ආරක්ෂක බලධාරියකු පැවසුවේ ප්‍රහාරයේදී ඉලක්ක කර ඇත්තේ ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථ, ගුවන් යානා හා ඉන්ධන පිරවුම් ස්ථාන බවයි. තවත් නියෝගයක් ලැබෙන තුරු ප්‍රහාර නවතා ඇතැයි ද ඔහු පැවසීය.

Related posts

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහලට

Mohamed Dilsad

ෆේස්බුක් ආයතනය ව්‍යාජ ගිණුම් බිලියන ගණනක් ඉවත් කරයි

Mohamed Dilsad

ඇමෙරිකාවෙන්, චීනයට සියයට 104%ක තීරුබද්දක්.

Editor O

Leave a Comment