ප්‍රමුඛ පුවත 1

බැටිකලෝ කැම්පස් ගිණුම් හිස්බුල්ලාගේ බව හෙළි වේ

 

(UTV-කොළඹ) – පොදු ව්‍යාපාර කාරක සභාව ඊයේ(17) රැස්වූ අවස්ථාවේදී හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා තම අභිමතය පරිදි බැටිකලෝ කැම්පස් ආයතනයේ ගිණුම් ආරම්භ කිරීමට ලංකා බැංකුවට බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබේ .

බැටිකලෝ කැම්පස් ආයතනය සහ හිරා පදනමේ හිමිකරුවන් ලෙස පෙනි සිටි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා වෙත එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණ ද ඔවුන් ඊයේ දිනයේ එහි පෙනී නොසිටි බවට වාර්තා වේ.

එම කාරක සභාව හමුවේ ඒ පිළිබද ප්‍රකාශ ලබාදීම සදහා ලංකා බැංකු නිළධාරින් මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරින් පෙනී සිටියේය.

අදාළ ආයතන විවිධ නම් වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබඳ කාරක සභා සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා සහ කෝප් කමිටු සාමාජික සුජිව සේනසිංහ කැබිනට් නොවන අමාත්‍යවරයා ද ප්‍රශ්න කර සිටි අතර ඊට ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි කේ.බී.එස් බණ්ඩාර මහතා සහ එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනි දයාජනී පීරිස් පිළිතුරු ලබා දී තිබේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක්

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කීපයක් ජනතා අයිතියට පවරයි

Mohamed Dilsad

Leave a Comment