ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කෙරේ[VIDEO]

(UTV| කොළඹ) – හලාවත මූලස්ථාන පොලීසියට අනුයුක්ත කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ

ඒ වෙන්නප්පුව ප්‍රදේශයේ හෝටලයක සූදු ක්‍රීඩාවේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් අයථා ලෙස මුදා හැරීම සඳහා කටයුතු කිරීමේ චෝදනාවට සම්බන්ධවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක් අනුව එම වැඩ තහනම් කිරීම සිදුකළ බවයි

මෙලෙස වැඩ තහනමට ලක්වූයේ හලාවත මූලස්ථාන පොලීසියට අනුයුක්තව කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරී සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙක් සහ පොලිස් කොස්තාපල් රියදුරෙක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක්

Mohamed Dilsad

Leave a Comment