විදෙස්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට[VIDEO]

(UTV| කොළඹ)ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් 15%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර මාස හතරකට පසු බොරතෙල් සඳහා වාර්තා වූ ඉහළම මිල මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට හේතුව වී ඇත්තේ ඉකුත් සෙනසුරාදා (14) සෞදි අරාබියේ ප්‍රධාන බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ගෝලීය බොරතෙල් සැපයුමේ 5% වැඩි ප්‍රතිශතයකට බලපෑම් එල්ල වීමයි.

සෞදි අරාබියේ ‘අරම්කො'(Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ලවූ ඩ්‍රෝන යානා ප්‍රහාරයෙන් පසු අද (16) ලෝක වෙළඳපලේ බොරතෙල් මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 71යි සත 95ක අළෙවි කරනු ලබන අතර බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 19%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 15%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එම බොරතෙල් බැරලයක් ඩොලර් 63යි සත 34ක මිලකට අලෙවි කරනු ලබයි.

සෞදි අරාබිය ප්‍රකාශ කරන පරිදි මෙම ප්‍රහාරයෙන් සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 5.7කින් පහත වැටි ඇති අතර ගෑස් සහ බොරතෙල් නිෂ්පාදනයෙන් 50%ක ප්‍රතිශතයක් බිඳ හෙළී ඇත.

ප්‍රහාරයෙන් සිය බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානවලට සිදු වූ විශාල හානිය හමුවේ බොරතෙල් නිෂ්පාදන කටයුතු යළි යථා තත්ත්වයට පත්වන දිනය පිළිබඳව නිශ්චිතව තහවුරු කළ නොහැකි බව සෞදි අරාබිය ප්‍රකාශ කරන අතර මෙම ප්‍රහාරයේ වගකීම යේමනයේ හූති කැරලිකරුවන් භාරගත් නමුත් අමෙරිකාව පවසන්නේ, ප්‍රහාරය ඉරානය දෙසින් එල්ල වූ බවයි.

රට තුළ පවතින බොරතෙල් සංචිත හේතුවෙන් මෙම සතිය තුළ බොරතෙල් සැපයුම සාමාන්‍ය පරිදි සිදු කළ හැකි බව සෞදි අරාබිය වැඩිදුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාර්ක් සකර්බර්ග්ට රුසියාව වෙත පැමිණීම තහනම් වෙයි

Mohamed Dilsad

කොරෝනා මැඩලීමට මෙල්බර්න් නුවරට හමුදා භට කණ්ඩායම් අනුයුක්ත කරයි

Mohamed Dilsad

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

Leave a Comment