ප්‍රමුඛ පුවත 1

ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ගැන පැමිණිලි භාර ගැනේ

(UTV| කොළඹ) – ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ඉදිකිරීම් ක්‍රියාවලිය තුළ කිසියම් අක්‍රමිකතාවක්, මූල්‍ය අවභාවිතයක්, වංචාවක් හෝ නිසි ප්‍රමිතියට සිදු නොකිරීම සම්බන්ධ කිසියම් පැමිණිල්ලක් හෝ ගැටළුවක් වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබේ.

මේ අනුව 0112786768 දුරකථන අංකයට ඇමතීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරුවරයාට එම ගැටළු ඉදිරිපත් කල හැක.

ඊට අමතරව ප්‍රධාන ව්‍යාපෘති ඉංජිනේරු, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති කාර්යාලය, 7 වැනි මහල, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනය මගින් අදාළ පැමිණිලි යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටපුරා ස්ථාපිත කරමින් වඩාත් ගුණාත්මක අවස්ථා සියලු දරුවන් වෙත ළඟා කරවීමේ අරමුණින් හඳුන්වාදෙන ලද විශාලතම පාසල් සංවර්ධන වැඩසටහන ළඟම පාසල හොඳම පාසල වන අතර, ඒ යටතේ දිවයිනේ ජාතික හා පළාත් පාසල් 9,064ක් තුළ වැඩ ව්‍යාපෘති 18,000ක් යටතේ රුපියල් මිලියන 65,000ක මූල්‍ය ආයෝජනයක් මඟින් භෞතික, යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනයට කටයුතු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනිද්දා ඇරඹෙන ජිනීවා සමුළුව

Mohamed Dilsad

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

Mohamed Dilsad

යුද්ධ හමුදාධිපතිවරයා යාපනය අඟරඳගුරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment