ප්‍රමුඛ පුවත 1

පරිසරය විනාශ කරන්නේ දේශපාලන පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් – ජනපති

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව බොහෝ රටවල පරිසරය විනාශ කරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පස්වරුවේ තුල්හිරිය මාර්ස් ඇතිනා ශාලාවේ දී ආරම්භ වූ නිවර්තන ජීව විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා – ශාන්තිකර සමුළුවේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

තිරසර මානව හා සාමාජීය පැවැත්මක් තහවුරු කිරීම උදෙසා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවයකින් යුතුව පවත්වා ගැනීම අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

ලෝක තිරසර පරිසර කළමනාකරණ ක්‍රියාවලියේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ආසියා-ශාන්තිකර කලාපයේ නිවර්තන රටවල වෙසෙන සියලු දෙනාට පැවරී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ජෛව විවිධත්වයෙන් අනූන, ආවේණික හා ඒකදේශීය අතිවිශාල ශාක හා සත්ත්ව ප්‍රජාවක් කලාපය සතුවීම එයට හේතුව බව ද සඳහන් කළේය.

හුදෙකලා වූ වනාන්තර පද්ධති එක්වන පරිදි නැවත වන වගා කිරීම මගින් එම හුදෙකලා වනාන්තර කොටස් සම්බන්ධ වී ශාක හා සත්ත්ව ප්‍රජාවේ අනාගත පැවැත්ම තහවුරු කෙරෙන බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා සංරක්ෂණ කොට ආවේණික හා දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැක ගැනීමේ හෙට දවස වෙනුවෙන් වූ අද දවසේ වගකීම ද පැහැදිලි කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

අද පස්වරුවේත් තැනින් තැන වැසි

Mohamed Dilsad

ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුරයේ වැඩසටහන් රැසක්

Mohamed Dilsad

Leave a Comment