ප්‍රමුඛ පුවත 1

කසල තේ කිලෝග්‍රෑම් 18,000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වත්තල ප්‍රදේශයේදී කසල තේ කිලෝග්‍රෑම් 18,000ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (10) එම ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයා ගත් මෙම කසල තේ තොගය සමඟ තරාදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් ගබඩා භාරකරු අවුරුදු 50ක් වයසැති වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ වත්තල පොලිසිය විසින්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ප්‍රමාදයක්..

Mohamed Dilsad

කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් පාලමක්

Mohamed Dilsad

ගීතාගේ පුරප්පාඩුව පිරවීම මැතිවරණ කොමිසම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment