ප්‍රමුඛ පුවත 1

ඇමති ගාමිණී ජයවික්‍රම ජනාධිපති කොමිසමට

(UTV| කොළඹ) – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටියේය.

ඒ මහපොළ භාරකාර මණ්ඩලයේ සිදුවු මූල්‍ය වංචාවකට අදාළව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

අමාත්‍යවරයා අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණි අතර එම විමර්ශනයට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් කොමිසම වෙතින් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන 17 වනදා අදාල ලේඛන ද සමඟ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සී.වී. විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල 21 වනදා කැඳවයි..

Mohamed Dilsad

නාලක සිල්වා වැඩ තහනමට ලක් කෙරේ

Mohamed Dilsad

දරු දුක නොදන්නා දරුවෝ

Mohamed Dilsad

Leave a Comment