ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා දින ලබාදෙයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුනු සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින ලබාදී තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයා ලබන 20 වනදා සාක්ෂි ලබාදීමට නියමිතව ඇති අතර තේරීම්කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෝ ජනාධිපති නිල නිවසේදී සාක්ෂි සටහන් කර ගන්නා බව එම කමිටුවේ නියෝජිතයින් පවසයි.

ඒ සඳහා නිශ්චිත ස්ථානයක් ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගෙන් සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව, සති දෙකක කාලයක් තුල එහි වාර්තාව නිකුත් කිරීමට නියමිත බවත් එය භාෂා තුනෙන්ම නිකුත් කර පසුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් තේරීම්කාරක සභාවේ සාමාජිකයෙකු සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

ජගත් පරිසර දින සැමරුම අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මෙරට මරණ දඩුවම පිලිබඳ ජර්මනියෙන් අවවාද

Mohamed Dilsad

Leave a Comment