විදෙස්

හොංකොං විරෝධතාවට කැරී ලෑම් හිස නමයි

(UTV| කොළඹ) – චීනයට අපරාධකරුවන් පිටුවහල් කිරීමේ විධිවිධාන සහිත පනතට හොංකොං වැසියන් වෙතින් අඛණ්ඩව එල්ල වූ දැවැන්ත විරෝධතාවට හිස නැවීමට චීනය සහ හොංකොං පාලිකා කැරී ලෑම් තීරණය කර තිබේ

මෙම විරෝධතා ව්‍යාපාරය මාර්තු මාසයේ ආරම්භ වූ අතර ජුනි මාසය වනවිට උච්චස්ථානයට එළැඹී තිබුණා

අර්ධ ස්වයංපාලන බලය සතු හොංකොං පුරවරයේ පාලනය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නැඹුරු වීමට මෙම විරෝධතාව හේතු තිබේ

ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කළ හොංකොං පාලිකා කැරී ලෑම්, හොංකොං නගරය දරුණුතම දේශපාලන අර්බුදයට ඇද දමා ඇති මතභේදාත්මක පිටුවහල් කිරීමේ පනත විධිමත් ලෙස ඉවත් කරගන්නා බව ප්‍රකාශ කළේය.

පූර්ව පටිගත කළ පණිවුඩයක් මඟින් රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ කැරී ලෑම්, විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය මුදා හළ ප්‍රචණ්ඩත්වය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවට ජනතාව කළ ඉල්ලීම රජය භාර නොගන්නා බවත්, චෝදනාවලින් තොරව රඳවා සිටින අය නිදහස් කරන ලෙස විරෝධතාකරුවන් කරන ඉල්ලීමද ඉටු කළ නොහැකි බවත් පැවසු බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

යුක්‍රේනය ගැන රුසියාව කළ ඉල්ලීම අමෙරිකාව ඉවත දමයි

Mohamed Dilsad

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ට්‍රම්ප්ගෙන් ගිලිහෙයි

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

Mohamed Dilsad

Leave a Comment