ක්‍රීඩා

ICC යෙන් ශ්‍රී ලංකාවට දඩයක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා තිබේ.

ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දු යවා නිම නොකිරීම නිසාය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත කාලය තුලදී පන්දුවාර දෙකක් අඩුවෙන් යවා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

ICC නීතිරීති වලට අනුව නියමිත කාලයට යවා නිම නොකරන එක් පන්දුවාරයක් වෙනුවෙන් 20%ක දඩයක් පැන වුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය තුළදී පන්දුවාර දෙකක් යවා නිම නොකිරීම නිසා ඔවුන්ට 40%ක දඩයක් ICC ය විසින් නියම කර ඇත.

ඒ සම්බන්ධ තින්දුවට නායක ලසිත් මාලිංග එකග විම නිසා වැඩිදුර විභාගයක් සිදු නොකරන බවද ICCය නිවේදනය කර සිටිනවා.

මේ අතර දෙරට අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03) රාත්‍රී 7.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු විස්සයි විස්ස තරගය අද

Mohamed Dilsad

ක්‍රිකට් නායකයා අද යළි දිවයිනට

Mohamed Dilsad

IPL තරඟාවලිය අහෝසි වුණහොත් කෝටි 4000 ක අලාභයක්

Mohamed Dilsad

Leave a Comment