ක්‍රීඩා

පළමු විස්සයි විස්ස තරගය අද

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරගය අද (15) ආරම්භ වේ.

ඒ, බංග්ලාදේශයේ මීර්පූර් හි ෂරේ බංග්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදිය.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පැවැත්වෙන ඩකා,මීර්පූර් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා පිළට වාසිදායක වනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පවසයි.

2014 වසරේ ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ මෙම ක්‍රීඩාංගණයේදියි.

බංග්ලාදේශය ,මීර්පූර් ක්‍රීඩාංගණයේ සහභාගි වූ විස්සයි විස්ස තරඟ 19කින් 12ක්ම පරාජයට පත් විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 7ක් පවත්වා ඇති අතර, ඉන් 5ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර, දෙකක ජය හිමි වූයේ බංග්ලාදේශයටය.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ නියෝජනය :

1 උපුල් තරංග  
2 නිරෝෂන් දික්වැල්ල (කඩුලු රැකීම) 
3 දනුෂ්ක ගුණතිලක  
4 දිනේෂ් චන්දිමාල්  (නායක)
5 අසේල ගුණරත්න
6 තිසර පෙරේරා 
7 දසුන් ශානක 
8 අකිල ධනංජය  
9 ඉසුරු උදාර 
10 අමිල අපොන්සු
11 ශෙහාන් මදුශංක

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අප්‍රිකාව සමග විස්සයි-20 ට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

3 වන එක්දින ක්‍රිකට් තරගයේ ජය කොදෙව්වන්ට

Mohamed Dilsad

ලෝක පිහිණුම් ශූරතා තරගාවලිය කල් යයි

Mohamed Dilsad

Leave a Comment