ප්‍රමුඛ පුවත 1

ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 7දෙනෙකු මරුට

(UTV| කොළඹ) – කොළඹ ,ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළු බඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුලූ 07 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.

අද පස්වරුවේ අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි වෙනත් පැරණි ගොඩනැගිල්ලක කොටසක් එහි වහලය මතට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන ඇති බව පොලිසිය පවසයි.

අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, ඉන් 07 දෙනෙකු ඒ වනවිටත් මියගොස් සිටි බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළාය.

පසුගිය කාලයේ කොළඹ ස්ථාන කිහිපයකින් මෙවැනි අනාරක්ෂිත ගොඩනැගිලි කඩාවැටීමේ සිද්ධීන් වාර්තාවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දියාවෙන් රියදුරන් ගෙන්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සහ නව සන්ධානය ගැන තීන්දුව කල් යයි.

Mohamed Dilsad

මරණ දඬුවම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment