ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

(UTV | කොළඹ) – දිවයින පුරා පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුණන වෙළෙඳුන් අල්ලා ගැනීමට වැටලීම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

වෙළෙඳපොළේ නැවත සහල් මිලෙහි ඉහළ යාමක් දක්නට ලැබෙන බැවින් ඇතැම් කූට වෙළෙඳුන් වැඩි මිලට සහල් අලෙවි කරන බවට ලද තොරතුරු මත දිවයිනම ආවරණය වන පරිදි සහල් වැටලීම් සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් අසූ පහක්ද නාඩු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් අසූවක්ද ලෙස පාලන මිලක් නියම කර ඇත.

සහල් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පාලන මිලක් නියම කර තිබියදී ඇතැම් කූට වෙළෙඳුන් වැඩි මිලට සහල් විකුණන බවට තොරතුරු ලැබී ඇතැයිද අධිකාරිය සඳහන් කරන අතර මේ වසරේ ජනවාරි සිට මේ දක්වා වූ කාලය තුළදී සහල් වැඩි මිලට විකිණූ වෙළෙඳසල් දහසක් පමණ වටලා ඇත.

Related posts

මොහොමඩ් අසරුදීන්ගේ හඬ සාම්පල පරීක්‍ෂාවට

Mohamed Dilsad

චක්‍රලේඛය නිකුත් කළහොත් වර්ජනය ඇත හරින බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

සුමන්තිරන්ට දුන් ලේඛනය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් කියන කතාව

Mohamed Dilsad

Leave a Comment