ප්‍රමුඛ පුවත 1

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

(UTV | කොළඹ) –  පුත්‍රයෙකු විසින් පහර දීමකින් පියා මිය යාමේ පුවතක් ආණමඩුව, පල්ලම පොලිස් වසමෙන් වාර්තා වේ.

මිට මාසයකට පමණක් පෙර විවාහ දිවියට ඇතුළුවූ සැකකරුගේ මගුල් මුද්ද දින කිහිපයකට පෙර අතුරුදහන්වී අතර පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී සිය පියා තම මගුල් මුද්ද රැගෙන උකස් කොට ලබාගත් මුදලින් මත්පැන් පානය කර ඇති බව දැනගෙන ඇත.

සිද්ධියෙන් කෝපයට පත් පුත්‍රයා අතින් පයින් පහරදීමේදී ඇතිවූ තුවාල හේතුවෙන් පියා මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ ආඩිගම, පෙරියමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙක් වන අතර සැකකාර පුත්‍රයා පල්ලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ සැකකරුවන් නැවතත් රිමාන්ඩ් [VIDEO]

Mohamed Dilsad

ඇදිරි නීතිය අතරතුර ධාවනය වූ දුම්රියකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

ජාතික ආණ්ඩු විවාදය මේ සතියෙත් නොපැවෙත්වෙන ලකුණු…

Mohamed Dilsad

Leave a Comment