ප්‍රමුඛ පුවත 1

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන ඔක්තෝබරයේ ඇරඹෙයි

(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන ආකාරයට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ලබන ඔක්තෝබර් මස මුල් සතියේ පැවැත්වීමට අදහස් කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(30) මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

 

Related posts

A H M ෆවුසි මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනපති පවසයි

Mohamed Dilsad

නාලක සිල්වා වැඩ තහනමට ලක් කෙරේ

Mohamed Dilsad

Leave a Comment