ප්‍රමුඛ පුවත 1

මෙරට ධීවරයින් 07ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  නීති විරෝධීව මසුන් ඇල්ලු  මෙරට ධීවරයින් 07 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනී.
ඊයේ (4) ඉන්දීය මුහුදු සීමාවේ දි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
හලාවත ඉරණවිල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
 කවීෂ පුතා 3 නම් බහුදින ධීවර යාත්‍රාවෙන් ඔවුන් පසුගිය මාර්තු මස 03 වනදා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත.
ඉන්දීය අත්අඩංගුවට පත්වූ ධීවරයින් 7 දෙනා නිදහස් කරගැනීමට කටයුතු කරන ලෙස එම ධීවරයින්ගේ පවුල්වල ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ධීවරයින් පිරිස නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය  පියවර ගනිමින් සිටින බවය.

Related posts

මුතුවෙල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයි

Mohamed Dilsad

Leave a Comment