ප්‍රමුඛ පුවත 1

අනුර සේනානායක යළි රිමාන්ඩ්

(උදයම්,කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

ලබන 18 වනදා දක්වා ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ප්‍රසාද් සිල්වා මහතා නියෝග කළේය.

පසුගියදා මාළඹේ සයිටම් ආයතනයේ තිබී සොයාගත් අස්ථි  කොටස් ඝාතනයට ලක්වූ වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් සමඟ ගැළපෙන්නේ දැයි අනාවරණය කර ගැනීමට බොරැල්ල ජින්ටෙක් ආයතනය  වෙත යොමුකර කැඳවූ ඩී.එන්.ඒ. වාර්තාව ලැබී ඇති බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අද(5) අධිකරණයට දැනුම් දී තිබේ.

සිද්ධිය පිළිබඳ තවදුරටත් දීර්ඝ ලෙස පරීක්ෂණ සිදු කරන බව නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ ඇත.

ඒ අනුව මෙම නඩුව ලබන 18 වනදා කැඳවීමට නියමිතය.

Related posts

ඥානසාර හිමියන්ට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

නංවමු ලංකා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ඇමති රිෂාඩ්දේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

හිටපු SDIG රවි විජේගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment