ප්‍රමුඛ පුවත 1

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

(UTV| කොළඹ) – මඩකලපුවේ ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය නියමිතය.

එම ආයතනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එම වාර්තාව හරහා යෝජනා කරන බවයි අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසුවේය.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා, ඔහුගේ පුත්‍රයා සහ බැටික්ලෝ කැම්පස් ආයතනයේ ලේඛකාධිකාරීවරයා ලෙස කටයුතු කළ තැනැත්තා ඊයේ දිනයේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවනු ලැබුවේය.

ඒ අදාළ ආයතනය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටය.

ඔවුන්ගෙන් එම ආයතනයට මුදල් ලැබුණු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී  සාකච්ඡා කළ බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ඉරු දින පිළිබඳ අතුරු වාර්තාවක් ජනපති වෙත

Mohamed Dilsad

ලබන වසරේ රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම සම්මතයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළි සම්මානයට පාත්‍ර වෙයි

Mohamed Dilsad

Leave a Comment