ප්‍රමුඛ පුවත 1

ජනපතිට රුසියාවෙන් ලැබුණු තෑග්ග(වීඩියෝ)

(UTV| කොළඹ) – රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගැන් වුණි .ඒ ජනාධිපති කාර්යාලයේ දීය.

ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා මෙම නව තාක්ෂණික උපකරණය ආචාර්ය Evgeny Usachev මහතාගේ නිර්මාණයකි.

ආචාර්ය Evgeny Usachev මහතා විසින් යන්ත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වු අතර රුසියානු විද්‍යාඥ Olgo Usacheva ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති Yury B. Materiy ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දවුලාගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Related posts

අගමැති අද TNA නියෝජිතයින් හමුවෙයි

Mohamed Dilsad

වොයිස් ඔෆ් ඇමරිකාහි දේපල රජයට පවරා ගනී

Mohamed Dilsad

සර්ව පාක්ෂික සමුළුව අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment