ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරයෙන් පසුව අමාත්‍ය ධුරවලින් ඉවත් වු මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් යළි අමාත්‍යධූරයන්වල දිවුරුම් දුන්නේය.

මෙලෙස දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉල්ලා අස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මන්ත්‍රීවරුන් දෙදෙනාය.

අද (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධූරයන් හිදිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රිවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මවුලානා සෙයිඩ් මන්ත්‍රිවරයා ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

“ඩෙංගු රෝගය මඩින්න නව වැඩපිළිවෙළක් ලබන සතියේ”ජනපති කියයි

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment