ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කුළුබඩුවල ගුණාත්මකභාවය පරීක්ෂා කර සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සහතික නිකුත් කිරීම මිනි ලැබ් නමින් කුඩා විද්‍යාගාර පිහිටුවා සිදුකරන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ මගින් කුළු බඩුවල මිල පහළ යාම වළක්වා ගනිමින් ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමට හැකියාව ලැබේ.

තවද කුළු බඩුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ගැටලූවලට විසඳුම් ලබාදීම ද හැකි වේ.

මෙමගින් වර්ණය, ලීටරයක පරිමාවේ බර, තෙතමන ප්‍රතිශය සහ පලිබෝධ හානි පිළිබඳවද පරීක්ෂා කෙරෙන අතර ඒ යටතේ කුළු බඩු එක, දෙක, තුන ලෙස ශ්‍රේණි ගතකිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසර අවසානයට පෙර පලාලි සහ ඉන්දියාව අතර ගුවන් ගමන්

Mohamed Dilsad

කිෂු ගෝමස් මහතාට සභාපති ධුරයක්..

Mohamed Dilsad

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment