ප්‍රමුඛ පුවත 1

අද සිට ගිණුම් කාරක සභාව ජනමාධ්‍යයට විවෘත වෙයි

(UTV| කොළඹ) – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අද (21) සිට ජනමාධ්‍යයට විවෘත වන බවත් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව රැස්වීමට නියමිත බවත් සඳහන් වෙයි.

එහි ආරම්භක අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුලු පිරිසක් එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ පළමු වරට රජයේ ගිණුම් කාරක සභාව 1923 වසරේ ආරම්භ වී ඇත.

නමුත් මෙලෙස පළමුවරට මාධ්‍යයට විවෘත වන්නේ වසර 96 කට පසුවයි .

අද දින කාරක සභාවේදී රජයේ මුද්‍රණ නීතිගත දෙපාර්තමේන්තුවේ කළමනාකරණ කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය සොයාබැලීම සහ 2015, 2016 වර්ෂවල ගිණුම් කටයුතු පරීක්ෂාව සිදුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වව්නියාව අර්ෆා මුස්ලිම් මහා විද්‍යාලයීය වාර්ෂික ක්‍රීඩා උළෙලඇමති රිෂාඩ් ප්‍රධාත්වයෙන්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 10 තෙක් දීර්ඝ කරයි

Mohamed Dilsad

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment