ප්‍රමුඛ පුවත 1

සතොස හිටපු සාමාන්‍යාධිකාරීට ඇප

(UTV| කොළඹ) – රජයට රුපියල් මිලියන 04 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනාවට වරදකරු වී වසරක සිර දඬුවම් නියම කෙරුණු එම ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ විත්තිකරුට වසරක සිර දඬුවම් සහ රුපියල් 50000 ක දඩයක් නියම කරන බව නියෝග කර තිබුණි.

එම දඬුවමට එරෙහිව විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ නීතිඥවරු විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළේය.

2002 වසරේ සතොසට ආනයනය කළ සුදු සහල් තොගයක් පෞද්ගලික අංශයට අඩු මිලට විකිණීම හරහා රජයට රුපියල් මිලියන 04 ක අලාභයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ නඩුව පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටාර් සංචාරකයන්ට දැමු තහනම ගැන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කරුණු දක්වයි

Mohamed Dilsad

පු.ලි.දෙ දත්ත පද්ධතියේ බිඳවැටීම යලි යථා තත්වයට

Mohamed Dilsad

පළමු පාර්ලිමේන්තු සැසි වාරයට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment