ප්‍රමුඛ පුවත 1

කොළඹ කුණු ප්‍රවාහනයට කොමසාරිස් ආරක්‍ෂාව ඉල්ලයි

(UTV| කොළඹ) – කොළඹ කසළ ප්‍රවාහනය සඳහා විධිමත් ආරක්ෂාවක් ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කල බව නාගරික කොමසාරිස්වරයා පවසයි.

නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසුවේ ඇතැම් පිරිස් වලින් වරින් වර එල්ල වන බාධා කිරීම් සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කල බවයි.

ඒ අනුව කසල ප්‍රවාහනයේදී ආරක්ෂාව ලබා දෙන ලෙස කෙරෙන ඉල්ලීම ඊයේ වැඩබලන පොලිස්පතිවරයාට ලිපියකින් යොමු කළ බව කොමසරිස්වරයා පැවසීය.

මේ අතර කොළඹ කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ කිහිපයකට ඊයේ අලුයම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 ක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

මේ අතර කසළ ප්‍රවාහන මාර්ග හා ඒ ආශ්‍රීත ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ විභාගය කල් දැමීමේ සුදානමක්

Mohamed Dilsad

මහජන ආරක්ෂාව උදෙසා ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

මාතෘ හා ළමා සායන ගොඩනැගිලි 02 ක් මතුගම ඉදිකෙරේ.

Mohamed Dilsad

Leave a Comment