ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිළ කාලය දිගු වන ලකුණු

(UTV| කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිළ කාලය තවත් මසකින් පමණ දීර්ඝ කිරීමට අවධනය යොමුව තිබේ.

ඒ අනුව මෙම කොමිසමේ කටයුතු මසකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී කථානායකවරයාට ලබාදීමට නියමිතයි.

එම කොමිසමේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසන්නේ සාක්ෂි විමසීම මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.

නමුත් එහි අවසන් වාර්තාව සකස් කිරීමට තවත් කාලයක් අවශ්‍ය බව සභාපතිවරයා පවසයි.

ඒ අනුව එම කටයුතු සැප්තැම්බර් මස 23 වන දා දක්වා පවත්වාගෙන යාමට සිදුවනු ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැඳුනුම්පත් ඉල්ලූම් කළ හැකි කාලය අවසන් වේ

Mohamed Dilsad

මහින්දානන්දට ඇප

Mohamed Dilsad

ඩොලරය 181.40 ඉක්මවයි.

Mohamed Dilsad

Leave a Comment