ප්‍රමුඛ පුවත 1

මහින්දානන්දට ඇප

(උදයම්,කොළඹ)   –  හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පනවා ඇති නඩුවේ අධි චෝදනා බාරදීම කොළඹ මහාධිකරණයේදී සිදු කෙරුණි.

ඉපයූ ආකාරය පෙන්වීමට නොහැකිවූ රුපියල් මිලියන 27ක් යොදවා බොරැල්ල කිංසි පාරේ නිවසක් මිලට ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගෙට පවරා ඇති නඩුවට අදාළව අද (25) අධි චෝදනා භාර දුන්නේය.

රුපියල් ලක්ෂ 2ක මුදල් ඇප හා ලක්ෂ 5 බැගින් ශරීර ඇප 2ක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, නඩුව විභාගයට ගැනීමට දින නියම කිරීම සඳහා ජූලි 10 වන දාට කල් දැමුණි.

Related posts

ජනපති කෙන්යා ජනපති හමුවෙයි

Mohamed Dilsad

මාතරදී කොල්ලකරුවන් හා පොලිසිය අතර වෙඩි හුවමාරුවක්

Mohamed Dilsad

කුඩු රොෂාන් ඝාතනයට සම්බන්ද තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment