ප්‍රමුඛ පුවත 1

අද රැස්වන මැතිවරණ කොමිසම

(UTV| කොළඹ) – මැතිවරණ කොමිසම් සභාව අද(12) රැස් වේ.

එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් අනතුරුව පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා මන්ත්‍රිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිතය.

පුරප්පාඩු වු මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් විය.

කෙසේවෙතත් ඔහුට මන්ත්‍රි ධුරය යළි ලබා දීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මේ වනවිට මතුව ඇති අතර ඒ පිළිබඳව අද රැස්වන මැතිවරණ කොමිශන් සභාව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර 2019 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 7ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිට

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් පුජිතට ඇප [VIDEO]

Mohamed Dilsad

Leave a Comment