ප්‍රමුඛ පුවත 1

මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරේ

(UTV|මහනුවර) – මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරේ.

ඒ අනුව අද රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත අතර පෙරහැර ගමන් මාර්ගය පිළිබඳ පැහැදිලි කරන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ ප්‍රධාන් වාහල්කඩින් නික්මෙන පෙරහැර දළදා වීථිය ඔස්සේ පැමිණ රැජින හෝටලය අසලින් ඩි.එස්.සේනානායක වීථිය,පන්සල පාර,දේවාල වීථිය ,කොළඹ වීථිය,කොටුගොඩැල්ල වීථිය, රජ වීථියට පැමිණ,දළදා මාලිගයේ ප්‍රධාන වාහල්කඩා කරා පැමිණ ගොඩ වැදීමෙන් පළමු රන්දෝලි පෙරහැර නිමාවට් පත්වන බවයි.

ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවිම අගෝස්තු මස පළමු වනදා සිදු කළ අතර කුඹල් පෙරහැර පසුගිය 05 වනදා ආරම්භ වුණි.

එහි අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රීයේ විථි සංචාරය කළේය.

ඇසළ පෙරහැර මංගල්‍ය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මංගල සමරවීර මහතා බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් හමුවෙයි

Mohamed Dilsad

දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය අදයි

Mohamed Dilsad

Leave a Comment