ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම ආසියා පැසිෆික් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වෙයි

(UTV| කොළඹ) – වාහන අමතර කොටස් නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ අපනයනයේ පුරෝගාමී සමාගමක්වන බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ නිර්මාතෘ ජූඩ් රොද්‍රිගෝ මහතා 2018 ආසියා පැසිෆික් සම්මාන උළෙලේදී නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටත ම ව්‍යාපාරික පුරෝගාමියා ලෙස සම්මානයට පාත්‍ර වූයේය.

සිව්වන වරටත් සංවිධානය කෙරුණු මෙම සම්මාන උළෙල කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්විණි. සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි කටයුතු හා ඉඩම් අමාත්‍ය ගරු ජෝන් අමරතුංග, එන්ටර්ප්‍රයිස් ඒෂියාහි සභාපති ඩෙටෝ විලියම් සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්වරු ද ඊට සහභාගී වූහ. එන්ටර්ප්‍රයිස් ඒෂියා විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මගින් ව්‍යවසායකත්ව විශිෂ්ටත්වය, තිරසාරත්වය සහ නවෝත්පාදනය ඇගයුමට ලක් කෙරේ. මැලේසියාව, ඉන්දුනීසියාව, බෘනෙයි, සිංගප්පුරුව, හොං කොං, ඉන්දියාව සහ චීනය යන රටවල ද මෙම සම්මාන උළෙල පැවැත්වේ.

ISO 9001:2015, ISO 14001: 2004 තත්ත්ව සහතිකය ඇතුළු තවත් ඇගයුම් රැසකට පාත්‍ර වී ඇති බෝපිටිය ඔටෝ එන්ටර්ප්‍රයිසස් සමාගම මෝටර් රථ සවිකිරීම්, සස්පෙන්ෂන් කොටස්, දුනු සහ වෙනත් කොටස් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු වාහන කොටස් වර්ග 500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. මහල් ගොඩනැගිලි සඳහා අවශ්‍ය හැන්ගර් බෝල්ට්ස් සහ පාරිභෝගික අවශ්‍යතාව අනුව නිෂ්පාදනය කෙරෙන ආලෝක ඉංජිනේරු නිෂ්පාදන ද එම නිෂ්පාදන අතර වෙයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු දුනු නිෂ්පාදනය කිරීම සඳහා සමාගම සතුව හරිත නිෂ්පාදනාගාරයක් ද පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ සම්පත් ආරක්ෂා කරන්න වහා පියවර ගන්න – ඇමති රිෂාඩ් රජයට අනතුරු අඟවයි(වීඩියෝ)

Mohamed Dilsad

මත්තල වී ගබඩා කිරීම හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කිරීම අද

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවට ගියා නම් සාමාජිකත්වය අහෝසී – ශ්‍රීලනිපය කියයි

Mohamed Dilsad

Leave a Comment