ක්‍රීඩා

“අපට තරඟයක් තියෙනවා ලංකාවත් එක්ක” – නවසීලන්ත කණ්ඩායම් නායක කේන් විලියම්සන්

(UTV|COLOMBO) –  “ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක්, විශේෂයෙන් ඔවුන්ගේ රටට ඇවිල්ලා, ඔවුන් එක්ක ටෙස්ට් තරග ක්‍රීඩා කරන එක එතරම් පහසු වෙන එකක් නැහැ. මොකද ආසියාතික තණතීරු ගොඩක් දුරට දඟපන්දු යවන්නන්ට හිතකරයි. අපි දඟපන්දු යවන්නට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන්න ඕන. අපිට හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා මම හිතනවා.” යැයි එක්දින ලෝක ක්‍රිකට් අනුශූරතාව දිනා ගත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පැවසීය.

සංචාරක නවසීලන්ත කණ්ඩායම මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවන අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඔවුන් හයවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හයවැනි ස්ථානය සහ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානය හිමිව ඇත.

 

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”]Keeping up to date with breaking news while you are on the move is now simple with UTV Alerts [textmarker color=”8a6d3b”]Type REG UTV and send to 77000[/textmarker] on your Dialog, Airtel, or Hutch mobile connection[/alert]

 

Related posts

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වරුවේ දිවයිනට

Mohamed Dilsad

CPL තරඟාවලියෙන් බ්‍රාවෝ ඉවතට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment