ප්‍රමුඛ පුවත 1

රුහුණු සරසවියේ නවක වද සිද්ධිය සම්බන්දයෙන් සිසුන් 19 දෙනෙක් රිමාන්ඩ්

(UTV| කොළඹ) – රුහුණු පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ජේෂ්ඨ සිසුන් 19 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ඒ අනුව ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්ඉසුරු නෙත්තිකුමාර මහතා ඊ⁣යේ (06) නියෝග කළේය.

සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කළ පසු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිර මැදිරිය තුළදී හදීසියේම සිසුවකු අසනීප වී ඇත.

ඉන් පසුව අදාල සිසුවා ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් භාරයේ එම සිසුවා ප්‍රතිකාරලබන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට යුරෝපා සංගමයේ තානාපති අග්‍රාමාත්‍ය හමුවේ [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් 915 කට ද්විත්ව පුරවැසි භාවය.

Mohamed Dilsad

හෙට (15) රාත්‍රියේ වත්තල ධාවනයට සීමා..

Mohamed Dilsad

Leave a Comment