ක්‍රීඩා

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම බංග්ලාදේශයට: මෙන්න තරඟ කාල සටහන, පුහුණුකරු චමින්ද වාස්

(UTV|COLOMBO) – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය මේ මස 19 වැනිදා සිට සැප්තැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග තුනක් හා සිව්දින ක්‍රිකට් තරග දෙකක් ඇතුළත්ය. 

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වය යටතේ පසුගිය දා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමඟ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා සහභාගී වූ අතර එහි දී දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාව දිනා ගන්නා ලදි. නමුත් තරග දෙකකින් යුත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු විය.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියේ මේ තරග කාලසටහන නිල වශයෙන් පළ කර තිබූ අතර ඔවුන්ට අනුව ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 16 වැනිදා බංග්ලාදේශය වෙත පැමිණීමට නියමිතව ඇත. මේ තරග සංචාරය ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගාවලියක් වන්නේ, 2019 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වසරේ දෙසැම්බර් මාසයේ දී බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත නිසාවෙනි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ පැවැත්වුණු නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට එකිනෙකා මුණගැසුණු අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් මහතා විසිනි.

තරග කාලසටහන 

  • අගෝස්තු 19 – පළමු නිල නොවන එක්දින තරගය – සාවා හිදී
  • අගෝස්තු 21 – දෙවන නිල නොවන එක්දින තරගය – කුල්නා හිදී
  • අගෝස්තු 24 – තෙවැනි නිල නොවන එක්දින තරගය – කුල්නා හිදී
  • අගෝස්තු 27 සිට 30 දක්වා – පළමු සිව්දින තරගය – කුල්නා හිදී
  • සැප්තැම්බර් 3 සිට 6 දක්වා – දෙවන සිව්දින තරගය – කොක්ස් බාසා හිදී

Related posts

ඉසුරු උදානට අද තවත් අවස්ථාවක්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ට තරයේ අවවාද කර නඩුව කල් දමයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ සංචාරය නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රටට පැමිණෙයි.

Editor O

Leave a Comment