ක්‍රීඩාගොසිප්

චන්දික හතුරුසිංහගේ නව කොන්ත‍්‍රාත්තුවේ වැටුප් කප්පාදුවක්

(UTV| කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ නියෝගය පරිදි නවසීලන්ත සංචාරයෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ඉදිරියේදී තීරණ 3 ක් අනුව කටයුතු කිරීමට සිදුව තිබන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, ඔහුට තරග ජයග්‍රහණය කිරීමේ අනුපාතයකට ඔහුගේ වැටුප වැඩි කර ගැනීමේ කොන්ත‍්‍රාත්තුවට එකඟවීමට හෝ කොන්ත‍්‍රාත්තුව අවසන් වීමට මාස 18 ට ප්‍රථම ඔහුව ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් කිරීමට එරෙහිව නීති ක්‍රියා මාර්ග ගැනීම හෝ නැවතත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ ඇරඹීම යන තීරණ 3 හතුරුසිංහ මහතා ඉදිරියේ ඇත.

ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් යෝජනා කර ඇති නව ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුවට අනුව හතුරුසිංහ මහතා වර්තමානයේ මාසයකට ලබන ඇමරිකානු ඩොලර් 40,000 ක වැටුප, ඇමරිකානු ඩොලර් 20,000 ට හෝ 25,000 කට කප්පාදු වන නමුත් ඔහු යටතේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම තරග ජයග්‍රහණය කිරීමේ අනුපාතයකට එම වැටුප වැඩි වනු ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

කෙසේනමුත් තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් නොවන බවත්, ඉවත් කළහොත් තමන්ට ඉදිරි මාස 16 කට වැටුප ලැබිය යුතු යන ස්ථාවරයේ හතුරුසිංහ මහතා දැඩිව සිටින බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක්…

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

Editor O

SLFP නැත්නම් ජනාධිපතිතුමත් නෑ

Mohamed Dilsad

Leave a Comment