ප්‍රමුඛ පුවත 1

ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අදයි

(UTV| කොළඹ) – මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද අලූයම 5.10ට යෙදුණු සුබ මොහොතින් මහනුවර සිව් මහා දේවාලයන් හිදී සිදුකෙරිණි.

අලූත් නුවර ප්‍රදේශයේ තෝරා ගත් කිරි ගසක් සුබ නැකතින් රිදී පොරවකින් කපා සෙත් පිරිස් සජ්ජායනා මධ්‍යයේයී ඊයේ (01) දිනයේදී කප් සිටුවීම සඳහා කප කැපීමේ චාරිත්‍රය සිදුකෙරුණු අතර ඉන්පසු පුරා දින 5 ක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමට නියමිතයි.

මේ අතර,පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (01) මහනුවර පොලිස් ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 7000 කට වැඩි ප්‍රමාණයක් යොදවා ඇති බවයි.

තවද පෙරහර නිමිත්තෙන් අගෝස්තු 5 වනදා සිට 15 වනද දක්වා මහනුවර ප්‍රදේශයේ සුරාසැල් වසා තබන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනුම්දීමක් කර තිබෙන අතර ඒ අනුව මහනුවර, කඩවත්සතර, ගඟවට කෝරලේ, පේරාදෙණිය, කටුගස්තොට, අලදෙනිය, අඹතැන්න ,මඩවල, මැණික්හින්න, දිගන සහ තලාතුඔය ප්‍රදේශවල සියලූම සුරාසැල් වසා තැබිය යුතුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශලීල මුණසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ

Mohamed Dilsad

තමාට එරෙහි චෝදනා සියල්ල අගමැති ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂයක් ඇත්නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දන්වන්න

Mohamed Dilsad

Leave a Comment