විදෙස්ව්‍යාපාරික

ස්ටර්ලින් පවුමේ අගය පහළට

(UTV| කොළඹ) – ස්ටර්ලින් පවුමේ අගය මාස 28කින් පහළම අගය ඊයේ (29) වාර්තා විය.

ඒ බෝරිස් ජොන්සන්ගේ නව රජය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය පිළිබඳ දැඩි ස්ථාවරයක් පළ කිරීමත් සමඟයි.

ඩොලරයට සාපේක්ෂව පවුමක් ඊයේ දිනයේදී ඩොලර් 1යි ශත 22 දක්වාත්, යුරෝ 1.1 දක්වාත් පහත වැටි තිබුණේය.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ප්‍රවණතාව නිසා පවුම ඉදිරියේදීත් පහත වැටිය හැකි බවයි.

මීට පෙර මේ ආකාරයෙන් පහත වැටුණේ වසර 2017 ජනවාරියේදී වන අතර එහි වාර්තාගත පහත වැටීම සටහන් වන්නේ 1985 වසරේ මාර්තු මාසයේදියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Google සේවකයින් 48ක් නෙරපයි

Mohamed Dilsad

කොවිඩ් හඳුනා ගන්න App එකක්

Mohamed Dilsad

රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට සිට මාසයක් වීසා ගාස්තු නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment