විදෙස්

Google සේවකයින් 48ක් නෙරපයි

(UTV|ඇමෙරිකාව) – 48දෙනෙකු Google සමාගම සේවයෙන් නෙරපා තිබේ.

ඒ ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සේවකයින් පිරිසකි.

2016 වසරේ සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී ලිංගික හිංසනයන් සම්බන්ධයෙන් චෝදනා මත එසේ කළ බව Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් සිය සේවකයින්ට විද්‍යුත් තැපෑල ඔස්සේ පණිවුඩයක් යවමින් පවසා ඇත.

ඒ අතර ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් 13කුද සිටින බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත් සේවයෙන් නෙරපා දමන වැඩිදෙනෙකු දක්ෂ සේවකයින් බවද වාර්තාවේ.

Google ආයතන වඩා ආරක්ෂාකාරී ස්ථානයක් විය යුතු බැවින් මෙම පියවර ගත් බව එම සමාගමේ ප්‍රධානියා ප‍්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක්.

Mohamed Dilsad

හොංකොං විරෝධතා තවත් උත්සන්න වෙයි

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා චීනයට

Mohamed Dilsad

Leave a Comment