විදෙස්

උතුරු කොරියානු නායකයා චීනයට

(UTV|චීනය) – උතුරු කොරියානු නායක කිම් ජොං අන්, දුම්රියකින් චීනයේ බීජිං නුවර වෙත පැමිණ ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියාවේ සිට විශේෂිත දුම්රියක් පැමිණීම සහ එය ආචාර පෙළපාලියකින් පිළිගැනීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජපානය මේ බව පවසා තිබේ.

උතුරු කොරියානු නායකයා 2011 වසරේ බලයට පැමිණීමෙන් පසු චීනයට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි.

උතුරු කොරියාව මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම්වේ.

එමෙන්ම දකුණු කොරියාව සමඟ ද ලබන මාසයේ සමුළුවක් පැවැත්වීමට ද උතුරු කොරියාව එකඟ විය.

එම සිදුවීම පිළිබදව තම හිතවතා වන චීනය දැනුවත් කිරීම කිම් ජොං අන්ගේ චීන චාරිකාවේ අරමුණ බව විශ්වාස කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සල්මාන් කුමරු කශෝගී ඝාතනයට වගකිව යුතුයි – ඇමරිකානු සෙනට් මණ්ඩලය පවසයි .

Mohamed Dilsad

ඉන්දියාවේ, කේරළයේ ජාත්‍යන්තර වරායක් විවෘත කරයි. : කොළඹ වරායේ ආදායමටත් දැඩි බලපෑමක්

Editor O

ට්‍රම්ප් දැඩි තීරණයක

Mohamed Dilsad

Leave a Comment