ප්‍රමුඛ පුවත 1

තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

(UTV| කොළඹ) – හෙට සිට ලබන මස 2 වන දා දක්වා තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

ඒ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 40ක් ආවරණය වන පරිදිය.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල මෙම ක්ෂේත්‍ර වැඩසටහන ක්‍රියාත්මක බවයි.

එමෙන්ම, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියළුම විභාග මධ්‍යස්ථානවල සහ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල ද ලබන මස 2,3,4 යන දිනවලදී ධූමායන සහ පාසල් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයි

Mohamed Dilsad

“ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ” – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය අදයි

Mohamed Dilsad

Leave a Comment