Trending News

හඳුනා නොගත් උණ රෝගයක්

(උදයම්,කොළඹ) – ඉන්ෆ්ලුවෙන්සා A H1N1 උණ රෝගයට සමගාමීව තවත් බොහෝ වෛරස් උණ රෝග දිවයින පුරා මේ දිනවල පැතිර යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද  පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටියේ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හා උණ මෙහි මුලික ලක්ෂණයන් වන බවයි.
කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වයන් මාරාන්තික නොවන බවත් සංකූලතා ඇති  විය හැකි පිරිස් වෙත මෙය වැළදුනහොත් පමණක් මෙය අතිශය භයානක තත්ත්වයක් විය හැකි බවත් ය වෛද්‍ය ජයසුන්දර මහතා පැවසීය.
මෙහිදී කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, වයස් ගත පුද්ගලයින් සහ ප්‍රතිශක්තීකරණය අඩු පිරිස් මෙම වෛරස ආශ්‍රිත රෝගී තත්ත්වයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද වෛද්‍යවරයා කියා සිටියේය.
පවතින තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍ය සේවාවන් බොහෝ රෝහල්වල පවතින බවත් පවතින තත්ත්වය පිළිබඳ අමුතුවෙන් බියක් හෝ තිගැස්මක් ඇති කර ගත යුතු නොවන බවත් වෛද්‍ය ජයසුන්දර මහතා වැඩි දුරටත් පවසීය.
රටේ පවතින දේශගුණික හා කාලගුණික වෙනස් වීම් මත මෙවැනි වෛරස ආසාධනය වීම අඩු වැඩි වශයෙන් වෙනස් විය හැකි බව ද මෙහිදී වෛද්‍යවරයා කියා සිටියේ ය.
මේ අතර රට තුළ පවතින මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පෞද්ගලික සෞඛ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

UDA planned to launch investigation into Blumenthal fire

Mohamed Dilsad

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර..- ඇමති විජිත

Editor O

Sri Lanka, Pakistan ink MoU to expand bilateral cooperation in skill development

Mohamed Dilsad

Leave a Comment