ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යන සේවකයින් හෙට වර්ජනයකට සුදානම් වෙයි.

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල 15 ක, මණ්ඩප 03 ක හා ආයතන 15 ක  අනධ්‍යන සේවකයින් හෙට (30) දිනයේදී එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරිම ඇතුළු ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් මෙම වැඩවර්ජනය සිදු කරන බවද එම කමීටුව කියයි.

මෙම ගැටලු විසඳා ගැනිම සඳහා සාකච්ඡා වාර කිහිපයක්ම පැවැත්වුවත් ඒ පිළිබඳව බලධාරීන්ගෙන් නිසි පිළිතුරු නොලැබුණ බවත් එම කමිටුව කියයි.

අනධ්‍යන සේවකයන් වැඩ වර්ජනය කිරිම හරහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ඉගැන්වීමේ ක්‍රියාවළියට බාධාවක් ඇති වන හෙයින් තම විසඳුම් සඳහා කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන ලෙස බලකරමින් මෙම එක්දින සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවත් එම කමිටුව වැඩිදුරටත් කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය

Mohamed Dilsad

ගණිත ගුරුවරයා ඇතුළු අටදෙනා ඇප මත නිදහස්

Mohamed Dilsad

සා.පෙ.ළ පිලිතුරු පත්‍ර පරික්ෂාව අද සිට

Mohamed Dilsad

Leave a Comment