ප්‍රමුඛ පුවත 1

ගණිත ගුරුවරයා ඇතුළු අටදෙනා ඇප මත නිදහස්

(UTV| කොළඹ) – කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ඇතුළු‍ 8 දෙනා ඇප මත මුදා හැර තිබේ.

ඔවුන් අද(05) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම සැකකරුවන්ට රුපියල් ලක්ෂ 2 ක බැගින් වු ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති අතර, වින්දිතයින්ට කිසිදු ආකාරයක බලපෑමක් සිදු කිරීමට නොහැකි බවද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

සැකකරුවන් පසුගිය මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද(05)  දක්වා යළි රක්ෂිත බන්ධනගාරගත කෙරුණි.

පසුගියදා කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථයකින් සහ ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි පිරිසක් විසින් වෑන් රථයක් නවතා එම රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම එළඹෙන සඳුදා

Mohamed Dilsad

ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්

Mohamed Dilsad

ජනපති බහුතරය පෙන්වන්න අවස්ථාවක් දෙයි(නිවේදනය)

Mohamed Dilsad

Leave a Comment