ප්‍රමුඛ පුවත 1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය

(UTV|කොළඹ) –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙම සතිය තුළ රැස්වීමට නියමිතව බව වාර්තාවේ.

ඒ පසුගිය ඔක්තෝබර් මස 14 වැනි දිනෙන් නිල කාලය අවසන් වු ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරිම සඳහාය.

අදාළ දිනය කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.

කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරි මණ්ඩලය පත් කරන තුරු වත්මන් නිලධාරි මණ්ඩලයට කොමිෂන් සභාවේ කටයුතු පවත්වාගෙන යාමේ ප්‍රතිපාදන සැකසි තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතා නිල සංචාරයක් සඳහා ලබන 27 වැනි දින මොංගෝලියාවේ සංචාරයක නිරතවිමට නියමිත අතර ඊට පෙර පොලිස් කොමිසමට සාමාජිකයින් පත් කිරිම සඳහා මෙසේ ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය දෙවන දිනටත් CID යට

Mohamed Dilsad

ETI තැන්පත්කරුවන්ට කඩිනම් සහන සලසන්න – ජනපති

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය වැරැද්දකට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment